AI音楽生成 歌詞ジェネレーター 料金プラン 私の曲

සිය ගණනක් පින්බිම් ඇති

Generated By Make Song AI
Song Cover
v1

@ PST Bandara

2026-04-08 19:13:49

歌詞

සිය ගණනක් පින්බිම් ඇති සම්බුදු හිමි පුදට
සියනෑවේ උපදින්නට පින් තිබුනා අපට...
සිය ගණනක් පින්බිම් ඇති සම්බුදු හිමි පුදට
සියනෑවේ උපදින්නට පින් තිබුනා අපට...

බුදු පහසින් සැනහුණු කැලණිය සුධවල වෙහෙර
පරසතු කුසුමෙන් පිදුවත් වරදක් දෝ කවර ...

දුටුවන සිත් පින් මෝරන වාරණ පින් අරණේ
සැනසෙන්නට පින් තිබුණා ගයමින් තුන් සරණේ...

සඟ බෝ රජු හිස දන් දුන් අත්තනගලු මළුවේ
මහබෝ සෙවණේ සිටියත් බව සරතැස දුරුවේ...

අහස් ගව්ව තරණය කර නිවනට යන විලසේ
නගිමු මාලිගාතැන්නේ පිය ගැට සිත් සතොසේ ...

බෝපත් සැලි සැලි සම්බුදු ගුණ ගයනා අතරේ
බෝ මළු වෙහෙරේ කොත දිදුලයි කත්තොට අඹරේ...

සිය ගණනක් පින් බිම් ඇති සම්බුදු හිමි පුදට
සිය නෑවේ උපදින්නට පින් තිබුණා අපට...
සිය ගණනක් පින්බිම් ඇති සම්බුදු හිමි පුදට
සියනෑවේ උපදින්නට පින් තිබුනා අපට...
සියනෑවේ උපදින්නට පින් තිබුනා අපට...
සියනෑවේ උපදින්නට පින් තිබුනා අපට...

音楽のスタイル

Buddhist religious, Classical, Soul, calmness, girl children's voices, group song, Drums, Flute, Harp, Keyboard, Organ, Rhythm Guitar, Saxophone, Trumpet, Violin, Electric Guitar, Slow (66-76 BPM)